සලාම් ගුවන් සේවය සහ තායි එයාඒෂියා ගුවන් සේවා ශ්රී ලංකාව සමග යළි ගුවන් ගමන් අරඹා තිබෙන බව වාර්තා වෙයි.
පසුගියදා අදාල ගුවන් සේවා සමාගම් විසින් ලොව පුරා පවත්නා කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ ශ්රී ලංකාව සමග ගුවන් ගමන් සම්බන්ධතා අත්හිටුවනු ලැබිය.
මෙයින් පළමු ගුවන්යානය ලෙස ඕමානයේ මස්කට් නුවර සිට සලාම් ගුවන් සේවයේ ගුවන් යානයක් මගීන් 75ක් රැගෙන කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණ පසුව තායිලන්තයේ බැංකොක් නුවර සිට අනෙක් ගුවන්යානය පැමිණ තිබේ.