ලේ බැංකුවේ ලේ හිඟයක් : රුධිර සංචිත වැඩිකර ගැනීමට දායකවන්න

Share

ඉදිරි සති දෙක සඳහා රුධිර සංචිත වැඩිකර ගැනීමට යම් සුවිශේෂි ක්‍රියාවලියකට එළඹීමට ජාතික රුධිර පාරවිලයන සේවය තීරණය කර තිබේ.

 

පසුගිය සති දෙක තුළ රුධිර සංචිතවල යම් අඩුවීමක් දක්නට ලැබෙන බව රුධිර පාරවිලයන සේවය, අධ්‍යක්ෂ ලක්ෂ්මන් එදිරිසිංහ මහතා පවසයි.

රුධිර දායකයින්ට හා රුධිර කඳවුරු පවත්වන්නන්ට රුධිර සංචිත වැඩිකර ගැනීමට දායක වන ලෙස ද ලක්ෂ්මන් එදිරිසිංහ මහතා ඉල්ලීමක් කර තිබෙන අතර ඒ සඳහා රුධිර පාරවිලයනය සේවය සතුව තිබෙන රුධිර මධ්‍යස්ථාන 107ක දී අවස්ථාව හිමිවන බව ද ඒ මහතා පැවසීය.

ඒ මහතා වැඩ්දුරටත් පවසන්නේ උදෑසන 8 සිට සවස 4දක්වා පැමිණ සෞඛ්‍ය රෙගුලාසිවලට අනුකූලව රුධිර දායකත්වය ලබා දිය හැකි බවයි.

එමෙන්ම සෞඛ්‍ය රෙගුලාසි අනුකූලව රුධිර කඳවුරක් සංවිධානය කළ හැකි නම් ඒ සඳහා අවශ්‍ය උපදෙස් මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන්ගෙන් ලබාගෙන අඩු අවදානම් කලාපවල දී එය සංවිධානය කළ හැකි බව ද ලක්ෂ්මන් එදිරිසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.

Read more

Local News