එංගලන්තයේ වාර්තා වන කොවිඩ් රෝගීන් පහලට

Share

එංගලන්තයේ කරන ලද අධ්‍යයනයකින් පසුගිය දින කිහිපය තුල එරට කොවිඩ් ව්‍යාප්තිය හේතුකොටගෙන සංචරණ සීමා පැනවීමෙන් පසුව එරට කොවිඩ් වෛරස් ආසාදන මට්ටම ප්‍රබල ලෙස පහත වැටී ඇති බවට අනාවරණය වි තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

 

එම අධ්‍යයනයෙන් හෙළිවී ඇත්තේ 2021 ජනවාරියේ සිට එරට කොවිඩ් වෛරස් ආසාදන මට්ටම  පහත වැටී ඇති බවය.

ඒ අනූව ලන්ඩන් නුවර ආසාදන මට්ටම 80% කින් පහත වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පෙබරවාරි 4 සිට 13 දක්වා කාලය තුළ පුද්ගලයින් 200 දෙනෙකුගෙන් එක් අයෙකු ආසාදිතයෙක් බව හඳුනාගෙන තිබුණි.

අහඹු ලෙස තෝරාගත් පුද්ගලයින්ගේ 85,000කට වඩා වැඩියෙන් යොදාගෙන සිදුකළ මේ අධ්‍යයනයේදී වැඩිදුරටත් අනාවරණය වී ඇත්තේ කොවිඩ් ව්‍යාප්තිය පාලනයට “සමාජ දුරස්ථභාවය සහ සීමා පැනවීම” බලපෑමක් ඇතිකරන බවය.

Read more

Local News