ජනාධිපති මෙෙත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් වැලිකන්ද ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේදී වැලිකන්ද සහ දඹුලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ප්‍රතිලාභීන් 636කගේ ජීවනෝපාය මාර්ග සංවර්ධනය වෙනුවෙන් රුපියල් මිලියන 29 ක් වටිනා උපකරණ කට්ටල ප්‍රදානය කිරීමේ වැඩසටහනක් ඊයේ (26) පැවැත්විණි.
හිටපු පළාත් සභා මන්ත්‍රී එන්.ඒ. සමන්ත මහතා ඇතුළු මහජන නියෝජිතයින් පිරිසක් ද, පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් රංජිත් ආරියරත්න, වැලිකන්ද ප්‍රාදේශීය ලේකම් හර්ෂ සී බණ්ඩාර යන මහත්වරුන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.