ඔස්ට්‍රේලියාවට යළි විවර වූ ෆේස්බුක්

Share

ෆේස්බුක් සමාගම ඕස්ට්‍රේලියාවේ සිය පරිශීලකයින්ට ප්‍රවෘත්ති අන්තර්ගතයන් වෙත පිවිසීමේ හැකියාව යළි යථා තත්ත්වයට පත් පත් කරන බව නිවේදනය කර තිබේ.

 

ෆේස්බුක් පසුගිය බ්‍රහස්පතින්දා සිට ඕස්ට්‍රේලියානුවන්ට ප්‍රවෘත්ති අන්තර්ගතයන් වෙත පිවිසීම අවහිර කරනු ලැබිය.

ඊට හේතුව ලෙස සඳහන් කර ඇත්තේ ඔස්ට්‍රේලියාව සම්බන්ධ පුවත් පළ කරන ආයතන එම පුවත් අන්තර්ගතයන් වෙනුවෙන් ඔස්ට්‍රේලියාවට මුදල් ගෙවිය යුතු බවට ගෙන ආ නීතියක් හේතුවෙන් ෆේස්බුක් සමාගම විසින් ඔස්ට්‍රේලියානු ෆේස්බුක් පරිශීලකයන්ට ප්‍රවෘත්තිමය වටිනාකමක් සහිත අන්තර්ගතයන් නැරඹීම සහ බෙදා හැරීම අවහිර කර තිබීමයි.

තව ද මීට අමතරව එරට රජයේ සෞඛ්‍ය සහ හදිසි සේවාවලට සම්බන්ධ ෆේස්බුක් පිටු වෙත පිවිසීමට ද නොහැකි බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

Read more

Local News