නයිජීරියානු ජාතිකයන් 04ක් හා ලාංකීය යුවලක් කළ ජාවාරමක්

Share

රුපියල් 17 ලක්ෂ 45,000ක මුදලක් වංචා කිරීමක් සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශණයකදී අන්තර්ජාලය ඔස්සේ පුද්ගලයින් මුලාවට ලක්කරමින් මුදල් වංචා කිරිමේ ජාවාරමක් පිළිබද අනාවරණය වි ඇත.

 

අදාල ජාවාරම සිදු කරනු ලැබූ නයිජීරියානු ජාතිකයන් 04ක් සහ ශ්‍රී ලාංකීය යුවලක් ඇතුලු 08ක් කැළණිය කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

එහිදී යම් ත්‍යාගයක් ලැබී ඇති බව පවසමින් ඒ සඳහා මෙම මුදල තැන්පත්කරන ලෙස පවසා අදාළ වංචාව සිදුකර ඇති බවට මූලික විමර්ශනවලින් අනාවරණය වී තිබේ.

මෙම ජාවාරම යම් සංවිධානාත්මක කල්ලියක් විසින් මෙහෙයවන බවට මේ වන විට හෙළි වි ඇත.

Read more

Local News