පළමු ලියාපදිංචියෙන් පසු මෙරට වසරකට වැඩි කාලයක් භාවිත කළ වාහන සඳහා ලබාදෙන ණය පහසුකම් වාහනයේ වටිනාකමින් 80% ක් දක්වා වැඩි කිරීමට මහ බැංකුව තීරණය කර තිබේ.
ඊට අදාළ නියෝගය බැංකු නොවන මූල්‍ය ආයතනවලට මේ වනවිටත් නිකුත් කර ඇති බව මහ බැංකු අධිපති මාහාචාර්යය ඩබ්. ඩී. ලක්ෂ්මන් මහතා පැවසීය.