ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි නොවි අත්පිරිසිඳුකාරක ආනයනය හා අලෙවියත් තහනම්

Share

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි වීමෙන් තොරව අත් පිරිසිදුකාරක ආනයනය කිරීම හෝ අලෙවි කිරීම තහනම් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් පාරි‍භෝගික කටයුතු පිළිබද අධිකාරිය නිකුත් කර තිබේ.

මෙය අප්‍රේල් මස 1 වනදා සිට ක්‍රියාත්මකයි.

මෙම ගැසට් පත්‍රයට අනුව අත් පිරිසිදුකාරක ආනයනකරුවන්, නිෂ්පාදකයන්, බෙදා හරින්නන් හා වෙළෙදුන් ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි අංකය ඇසුරුම්වල හා බහාලුම්වල පැහැදිලිව පෙනෙන පරිදි සදහන් කළ යුතුයි.

පෙබරවාරි මස 25 වනදා නිකුත් කළ ගැසට් පත්‍රයට අවධානය යොමු කරමින් ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි අංකයක් ලබා ගන්නා ලෙස හා එම අංකය ඇසුරුම්වල සදහන් කරන ලෙස පාරිභෝගික කටයුතු අධිකාරිය ඉල්ලීමක් කර ඇත.

වෙළෙදපොළ තුළ ප්‍රමිතියෙන් තොර නිෂ්පාදන ඇති බවට ලැබුණු තොරතුරු මත මෙම පියවර ගෙන තිබේ.

ඒ අනුව ලබන මස 1 වනදා සිට මෙම නීතිවලට අනුව ක්‍රියා නොකරන පුද්ගලයන් හා ආයතන සම්බන්ධයෙන් දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව පාරිභෝගික කටයුතු අධිකාරිය අවධාරණය කරයි.

Read more

Local News