යාපනයේ ගුරුවරයෙකුට කඩු වලින් පහරදීමක්

Share

යාපනයේ මල්ලාකම් ප්‍රදේශයේදී පාසල් ගුරුවරයෙකුට කඩු රැගෙන පැමිණි පිරිසක් පහර දී කඩු වලින් කැපීම නිසා ඔහු බරපතල ලෙස තුවාල ලබා ඊයේ (04) රාත්‍රී යාපනය තෙලිප්පලෙයි රෝහලට ඇතුළත් කොට තිබෙන බව වාර්තා වෙයි.

යතුරු පැදිවලින් පැමිණි පස් දෙනෙකුගෙන් පමණ සමන්විත පිරිසක් ගුරුවරයාට පහර දී පසුව කඩු වලින් කපා කොටා තුවාල සිදු කොට ඇති බවට පොලීසියට තොරතුරු ලැබී ඇති අතර ගුරුවරයාට එසේ කිරීමට හේතුව මෙතෙක් වාර්තා වී නැත.

මෙම ප්‍රහාරයට ලක්ව ඇත්තේ යාපනයේ පාසලක සේවයකරන ගුරුවරයෙකි.

යාපනයේ තෙලිප්පලෙයි පොලීසිය සිද්ධිය පිළිබදව පරීක්ෂණ පවත්වයි

Read more

Local News