යතුරුපැදි සොරකම් කළ 78 හැවිරිදි අයෙක් කොටුවෙයි

Share

රටපුරා විවිධ ප්‍රදේශවලදී යතුරුපැදි සොරකම් කළ අයෙක් අරලගංවිල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් පුද්ගලයාගේ වයස අවුරුදු 78කි.

සැකකරු මින්නේරිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු සන්තකයේ තිබි යතුරුපැදි 20 ක් මේ වන විට පොලිස් භාරයට ගෙන තිබේ.

සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරිම්වලදී , එම ජාවාරමට සහය දුන් තවත් 30 හැවිරිදි සැකකරු‍වෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බවට පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා පැවසීය.

Read more

Local News