පාස්කු වාර්තාව රාමඤ්ඤ සහ අමරපුර මහ නා හිමිවරුන් වෙත පිළිගන්වයි

Share

ඉරුදින ප්‍රහාරය පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාවේ පිටපත් රාමඤ්ඤ මහා නිකායේ මහනායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය මකුලෑවේ විමල හිමිපාණන්ට සහ අමරපුර මහා නිකායේ වැඩබලන උත්තරීතර මහනායක අතිපූජ්‍ය ගංතුනේ අස්සජි හිමිපාණන්ට පිළිගන්වා තිබේ.

 

රාමඤ්ඤ නිකායේ මහානායක හිමියන් වැඩවෙසෙන මීරිගම, මිණිඔලුව, විද්‍යාවාස පිරිවෙන වෙත ඊයේ (04) පස්වරුවේ සහ අමරපුර මහා නිකායේ වැඩබලන මහානායක හිමියන් වැඩ වෙසෙන කෑගල්ල, ගන්තුන උග්ගල පුරාණ විහාරය වෙත අද (05) පෙරවරුවේ ගිය ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල් හරිගුප්ත රෝහණධීර මහතා විසින් වාර්තා පිටපත් පිළිගන්වනු ලැබීය.

Read more

Local News