ඊයේ කොරෝනා රෝගීන් වාර්තා වූ ප්‍රදේශ

Share

ඊයේ දිනයේ මෙරටින් කොරෝනා රෝගීන් 350ක් වාර්තා විය.

ඉන් පුද්ගලයින් 12 ක් විදෙස්ගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගලයින්ය. 

සෙසු පුද්ගලයින් 338 දෙනා දේශීයව හඳුනාගත් පුද්ගලයින් ය.

ඊයෙත් වැඩිම කොවිඩ් රෝගීන් වාර්තා වන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙනි.

එම රෝගීන් ගණන 94කි.

මේ අතර රත්නපුර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 82ක් සහ බදුල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 31ක් ලෙස වාර්තා වේ. 

අනෙක් ආසාදිතයින් 131 දෙනා දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලින් වාර්තා වේ.

කොවිඩ් -19 වෛරසය ආසාදනය වු මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 84,960ක් වනඅතර ඉන් පුද්ගලයින් 81,321ක් පූර්ණ සුවය ලබා තිබේ.

රෝහල්ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළ ආසාදිතයින් 3,146 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබමින් පසුවේ.

කොවිඩ් – 19 ආසාදිතව මෙරට සිදුව ඇති සමස්ත මරණ සංඛ්‍යාව 493 ක් දක්වා ඉහළගොස් ඇත.

ඊයේ කොවිඩ් රෝගීන් හදුනාගත් ප්‍රදේශ පහතින්

Read more

Local News