ගානියා බැරිස්ටර්ට අධිචෝදනා භාර දෙයි

Share

තමන් පැහැරගෙන ගොස් හිරිහැරවලට ලක්කළ බවට පොලිසියට අසත්‍ය පැමිණිලි කිරීම සම්බන්ධයෙන් කොළඹ මහාධිකරණය විසින් ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවය කල ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස්ට එරෙහිව අධිචෝදනා ගොනු කර තිබේ.

එම නඩුව අද කැඳවනු ලැබූ අවස්ථාවේදී විත්තිකාර ගානියා බැරිස්ටර් ෆ්‍රැන්සිස් නැමැත්තිය අධිකරණය හමුවේ පෙනී සිටියාය.

ඉන් අනතුරුව නීතිපතිවරයා විසින් ගොනුකර තිබූ අධිචෝදනා පත්‍ර විත්තිකාරියට භාරදීම සිදු කෙරුණි.

අනතුරුව විත්තිකාරිය පෙර ඇප මත මුදා හැරීමටත් අධිකරණය නියම කළේය.

අනතුරුව නඩුව ජුනි මස 4 වනදා කැඳවීමට ද නියම කෙරුණු අතර එදින විත්තිකාරිය අධිචෝදනා පත්‍ර කියවා දී නඩු විභාගය සඳහා දින නියම කිරීමට නියමිතය.

2019 වසරේ නොවැම්බර් මස 25 වනදා කොළඹ කුරුදුවත්ත ප්‍රදේශයේදී පුද්ගලයින් පස් දෙනෙකු විසින් තමන්ව පැහැරගෙන ගොස් ගිනිඅවි පෙන්වා තර්ජනය කර පැය කිහිපයක් රඳවා තබා රටින් පළා ගිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මහතා සම්බන්ධයෙන් ප්‍රශ්න කළ බවත් එම පුද්ගලයින් තමන්ට ලිංගික හිරිහැර කළ බවටත් ඇය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත අසත්‍ය පැමිණිල්ලක් සිදුකළ බවට චෝදනා කරමින් නීතිපතිවරයා විසින් විත්තිකාරියට එරෙහිව එම නඩුව ගොනුකර තිබුණි.

Read more

Local News