ශ්‍රී ලංකාවේ නිල විදෙස් මුදල් සංචිත ඉහළ නැංවීම සඳහා චීනය බිලියන 1.5ක් අනුමත කර තිබෙන බව මුදල්, ප්‍රාග්ධන වෙළෙඳපොළ හා රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා ට්විටර් සටහනක් තබමින් සදහන් කර ඇත.
ඒ අනුව, චීන මහජන බැංකුවෙන් ඩොලර් බිලියන 1.5ක් විනිමය හුවමාරු පහසුකම යටතේ සැපයීමට එම අනුමැතිය ලැබුණු බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.