පලාවිය ප්‍රදේශයේ දී හෙරොයින් සමග අයෙක් අත්අඩංගුවට

Share

පුත්තලම පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරක් මත ඊයේ (11) රාත්‍රී 11.10ට පමණ සිදුකළ වැටලීමකදී කල්පිටිය, පලාවිය ප්‍රදේශයේ දී හෙරොයින් ග්‍රෑම් 27යි මිලි ග්‍රෑම් 07ක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

41 හැවිරිදි පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර අදාල පුද්ගලයා එම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

අත්අඩංගුවට ගත් සැකකරු අද (12) පුත්තලම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

සිද්ධිය සම්බන්ධයෙන් පුත්තලම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Read more

Local News