මාරක රිය අනතුරකින් අවුරුදු දෙකක දැරියක් මරුට

Share

යතුරුපැදියක් ලොරි රථයක් පසුකර යෑමේ දී යතුරුපැදිකරුට පාලනය කරගත නොහැකිව මාර්ගයේ පෙරළී ගොස් එම ලොරි රථයේ ගැටීමෙන් බදුල්ල – බණ්ඩාරවෙල මාර්ගයේ දී රිය අනතුරක් සිදුව තිබෙි.

අනතුරින් අවුරුදු 2ක් වයසැති දැරියක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර තුවාල ලැබු පැදිකරු, පසුපැදිකාරිය හා කුඩා දැරිය බණ්ඩාරවෙල රෝහලට ඇතුළත් කිරීමේ දී දැරිය ජීවිතක්ෂයට පත්ව ඇත.

කහබිලිය, දියතලාව ප්‍රදේශයේ පදිංචි දැරියක් මෙලෙස මිය ගොස් තිබේ.

තුවාල ලැබු මව සහ පියා රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර බණ්ඩාරවෙල පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

Read more

Local News