ග්‍රෑන්ඩ්පාස් කජීමා වත්තේ ගින්නකින් නිවාස 50කට හානි

Share

ග්‍රෑන්ඩ්පාස් කජීමා වත්තේ නිවාස පෙළක ගින්නක් හටගෙන තිබේ.

ඉන් නිවාස 50කට පමණ හානි වී ඇති බව වාර්තා වෙයි.

අද(15) අලුයම 2.40 ට පමණ ගින්න හටගෙන ඇති අතර නිවසක දල්වා තිබූ පහනකින් ගින්න හටගෙන ඇතැයි සැක කරන බව පොලීසිය සඳහන් කළේය.

මේ වන විට ගින්න පාලනය කර ඇති අතර ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව පැවසුවේ ගින්න පාලනය සඳහා ගිනි නිවීම් රථ 5 ක් පමණ යෙදවූ බවය.

Read more

Local News