සිල් රෙදි නඩුවෙන් ලලිත් වීරතුංග සහ අනුෂ පැල්පිට නිදොස් කොට නිදහස් කෙරේ

Share

සිල් රෙදි නඩුව සම්බන්ධයෙන් වරදකරුකර සිර දඬුවම් නියම කළ හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට යන මහත්වරු නිදොස් කොට නිදහස් කරමින් අභියාචනාධිකරණය විසින් ඉකුත්දා ප්‍රකාශයට පත් කළ තීන්දුව අද (15) කොළඹ මහාධිකරණය හමුවේ කියවනු ලැබීය.

මෙම නඩුකරය අද කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා ඉදිරියේ කැඳවීය.

එම අවස්ථාවේදී අභියාචනාධිකරණය මගින් නිදොස් කොට නිදහස් කරන ලද ලලිත් වීරතුංග සහ අනුෂ පැල්පිට යන මහත්වරු අධිකරණය හමුවේ පෙනී සිටියහ.

එම අවස්ථාවේදී විනිසුරුවරයා විසින් අභියාචනාධිකරණය විසින් ප්‍රකාශයට පත්කළ තීන්දුව ලලිත් වීරතුංග සහ අනුෂ පැල්පිට යන මහත්වරුන්ට කියවා ඔවුන්ව අදාළ චෝදනාවලින් නිදොස් කොට නිදහස් කර තිබෙන බව දැනුම් දුනි.

අනතුරුවල ලලිත් වීරතුංග සහ අනුෂ පැල්පිට යන මහත්වරුන්ගේ විදේශ ගමන් බලපත්‍ර හා ඇප මුදල් අධිකරණය භාරයේ තිබේ නම්, අනන්‍යතාවය තහවුරුකර ඒවා ඔවුන් වෙත මුදාහරින ලෙසත් ඔවුන් වෙනුවෙන් පනවා තිබූ විදේශ ගමන් තහනම ඉවත්කර ඇති බව ආගමන හා විගමන පාලක හා රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂවරයා වෙත දැනුම්දීමට පියවර ගන්නා ලෙසත් විනිසුරුවරයා නියෝග කළේය.

Read more

Local News