ග්‍රෑන්ඩ්පාස් කජීමා වත්තේ ගිනි ගැනිමට ලක් වූ නිවාස (ඡායාරූප)

Share

අද අලුයම ග්‍රෑන්ඩ්පාස් කජීමා වත්තේ නිවාස පෙළක හටගත් ගින්නෙන් නිවාස 50කට පමණ හානි වී ඇති බව වාර්තා වෙයි.

අද(15) අලුයම 2.40 ට පමණ ගින්න හටගෙන ඇති අතර නිවසක දල්වා තිබූ පහනකින් ගින්න හටගෙන ඇතැයි සැක කරන බව පොලීසිය සඳහන් කළේය.

මේ වන විට ගින්න පාලනය කර ඇති අතර ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව පැවසුවේ ගින්න පාලනය සඳහා ගිනි නිවීම් රථ 5 ක් පමණ යෙදවූ බවය.

ගිනි නිවීමේ හමුදාව වහා ක්‍රියාත්මක වී ගින්න පාලනය කිරීම නිසා සෙසු නිවාසවලට පැතිරයාම වළක්වා ගැනීමට හැකිවි තිබේ.

Read more

Local News