වතු කම්කරුවන්ගේ වැටුප් ගැසට් නිවේදනයට එරෙහිව වතු සමාගම් අභියාචනාධිකරණයට

Share

වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1000/- ක් කරමින් රජය නිකුත් කළ ගැසට් නිවේදනය බලශුන්‍ය කරන්නැයි ඉල්ලා වතු සමාගම් 20 ක් අභියාචනාධිකරණයට ඊයේ දින රිට් පෙත්සමක් ගොනු කර තිබේ.

වතු කම්කරුවන්ගේ වැටුප් හදිසියේ වැඩි කිරීම තුළින් විශාල වශයෙන් රජයට බදු ගෙවන වතු කර්මාන්තය අර්බුදයකට ලක් වන බවත් වතු කම්කරු වැටුප් වැඩි කිරීම තුළින් සමාගම් අපහසුතාවයට පත් විය හැකි බවත් සදහන් කරන පෙත්සම්කාර වතු සමාගම් 20 ක් රජයේ මෙම තීන්දුව නීතිවිරෝධී බවත් සදහන් කොට ඇත.

ආගරපතන වැවිලි සමාගම, ඇල්පිටිය වැවිලි සමාගම ඇතුළු වතු සමාගම් 20 ක් ගොනු කර ඇති මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, කම්කරු කොමසාරිස් ජනරාල් ප‍්‍රභාත් චන්ද්‍රකීර්ති, තේ කර්මාන්තය පිළිබද පඩිපාලක සභාවේ සභාපතිවරයා ඇතුළු 18 දෙනෙකු නම් කොට තිබෙන බව වාර්තා වෙයි.

වතු සමාගම් 20 ක් නීතීඥ සනත් විජේවර්ධන මහතා මාර්ගයෙන් ගොනු කර ඇති පෙත්සමේ තේ සහ රබර් වගාවේ නියුතු පෙත්සම්කාර සමාගම් මහපරිමාණ සමාගම් වන බවත් තම වතුවල කම්කරුවන් දහස් ගණනක් සේවයේ යෙදී සිටින බවත් සදහන් කොට ඇත.

තේ සහ රබර් වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1000 ක් විය යුතු බවට රජය නොබෝදා ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කළ බවත්, තේ සහ රබර් වතු කම්කරුවන්ගේ දෛනික අවම වැටුප රුපියල් 1000 ක් බවට පත් කිරීමට පඩි පාලක සභාව අනුමත කිරීම අය වැය වාර්තාවටද ඇතුළත් කර ඇති බවත් පවසන පෙත්සම්කාර සමාගම් වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1000 ක් විය යුතු බවට රජය ගත් තීන්දුව නීතීවිරෝධී බවද සදහන් කොට තිබේ

මෙම වැටුප් වැඩි කිරීම තුළින් සමාගම් අපහසුතාවයට පත් විය හැකි බවත්,රජයේ මෙම හදිසි නීතිවිරෝධී තීන්දුව නිසා වතු කර්මාන්තය අර්බුදයකට ලක් වීමට ඉඩ ඇති බවත් පෙන්වා දෙන පෙත්සම්කාර වතු සමාගම් තම කම්කරුවන්ට දෛනික අවම වැටපු රුපියල් 1000/- ක් බවට ප්‍රකාශයට පත් කරමින් රජය නිකුත් කර ඇති ගැසට් නිවේදනය අවලංගු කරන රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා සිටි

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කරන්නැයි පෙත්සම්කරුවෝ සිය පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා තිබේ..

Read more

Local News