වේදිකා නාට්‍ය ක්ෂේත්‍රයේ කලාකරුවන් 500 දෙනෙකු වෙනුවෙන් රජය රක්ෂණ වියදම් ගෙවමින් රක්ෂණාවරණයක් ලබා දීමේ සමාරම්භක උත්සවය ඊයේ (16) අරලියගහ මන්දිරයේදී පැවැත්විණ.
















“ප්‍රේක්ෂා” නම් මෙම හදිසි අනතුරු හා වෛද්‍ය රක්ෂණාවරණය ප්‍රදානය කරනු ලබන්නේ, වේදිකා නාට්‍ය ක්ෂේත්‍රයේ කලාකරුවන් වෙනුවෙනි.
ඒ අනුව සාමාජිකයෙකුගේ අභාවයක දී රුපියල් ලක්ෂ 2 ක්, හදිසි අනතුරකින් වන මරණයක දී රුපියල් ලක්ෂ 6 ක්, පූර්ණ කාලීන ආබාධිත තත්ත්වයක දී රුපියල් ලක්ෂ 4 ක්, අසාධ්‍ය රෝග ආවරණයක් වෙනුවෙන් රුපියල් ලක්ෂ 3 ක්, මුදල් රහිත රෝහල්ගතවීමේ ප්‍රතිලාභය වසරකට උපරිම රුපියල් එක්ලක්ෂ පනස් දහසක්, බාහිර රෝගී අංශ ප්‍රතිකාර සඳහා වසරකට රුපියල් පහළොස් දහසක් දක්වා මුදල් රක්ෂණාවරණයකට මෙමගින් හිමිකම් ලැබෙනු ඇත.
ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ශ්‍රි ලංකා කලා මණ්ඩලයේ උප සභාපති පාතේගම ඥාණිස්වර ස්වාමීන් වහන්සේ , ජාතික උරුමයන් ප්‍රාසාංගික කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත්, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.