ශානි අබේසේකර තවදුරටත් රිමාන්ඩ් කෙරේ

Share

අසත්‍ය සාක්ෂි නිර්මාණය කර අධිකරණය නොමග හැරීම ඇතුළු චෝදනා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක ශානි අබේසේකර ඇතුළු සැකකරුවන් තිදෙනා ලබන 31 වෙනි දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කර තිබේ.

එලෙස රක්ෂිත බන්ධනාගාරගත කළ සෙසු සැකකරුවන් වන්නේ, ඇඹිලිපිටිය පොලීසියට අනුයුක්තව සේවය කළ හිටපු උපපොලිස් පරීක්ෂක මෝහන මෙන්ඩිස් සහ විශාමික උපපොලිස් පරීක්ෂක නවරත්න ප්‍රේමතිලක යන සැකකරුවන් ය.

සැකකරුවන් තිදෙනා බන්ධනාගාරය මගින් අධිකරණය හමුවට ඉදිරිපත් කර නොතිබු අතර ගම්පහ මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා එම නියෝගය කළේ ය.

Read more

Local News