දුම්රිය රියදුරන් සහ නියාමකවරුන් ඊයේ (17) මධ්‍යම රාත්‍රීයේ සිට ආරම්භකර තිබූ සංකේත වැඩ වර්ජනය මීට සුළු මොහොතකට පෙර අවසන්කර තිබේ.
ඒ අද (18) පෙරවරුවේ ප්‍රවාහන අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා සහ වෘත්තිය සමිති නියෝජිතයින් අතර පැවති සාකච්ඡාවකින් අනතුරුවය.
දුම්රිය රියැදුරන් ඇතුළු කාර්ය මණ්ඩල නිලධාරීන්ට එරෙහි ආසාධාරණ විනය ක්‍රියාමාර්ග ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් දුම්රිය එන්ජින් රියැදුරන් සහ නියාමකවරුන් පැය 24 ක සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කළේය.