අර්ජුන මහේන්ද්‍රන් ලංකාවට ගෙන්වා ගැනීමට නීතිපතිගෙන් සිංගප්පූරුවට දැනුම් දීමක්

Share

හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමේ ක්‍රියාදාමය සම්බන්ධයෙන් තෙවැනි වරටත් සිංගප්පූරුවේ නීතිපතිවරයා වෙත කරුණු පැහැදිලි කිරීම් යොමුකර තිබෙන බව නීතිපතිවරයා අද (18) කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ පැවසීය.

2015 මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වී තිබේ.

එම නඩුව අද (19) චම්පා ජානකී රාජරත්න, දමිත් තොටවත්ත සහ නාමල් බලල්ලේ යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

Read more

Local News