බෞද්ධාගම පිළිබඳ දුර්මත පතුරවන අය ගැන සෙවීමට කමිටුවක්

Share

බුද්ධ චරිතය, ත්‍රිපිටකය සහ බෞද්ධ සිද්ධස්ථාන පිළිබඳ වැරදි අර්ථකතන දෙමින් දුර්මත පතුරවන අය ගැන සොයා බලා ගත යුතු පියවර රජයට නිර්දේශ කිරීමට කමිටුවක් පත් කර තිබේ.

බෞද්ධ උපදේශක සභාව ඊයේ පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී රැස් වූ අවස්ථාවේ ත්‍රෛනිකායික මහා නායක ස්වාමීන්වහන්සේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත කළ ලිඛිත ඉල්ලීමට ප්‍රතිචාර ලෙස කමිටුව කඩිනමින් ස්ථාපනයට තීරණය කළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේය

Read more

Local News