ලෙජන්ඩ්ස් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතර ක්‍රිකට් තරගයක්

Share

වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම අතර ක්‍රිකට් තරගයක් පැවැත්වීමට සැලසුම් කර තිබේ.

ඒ ලබන අප්‍රේල් මාසයේ දී. මේ සදහා වන යෝජනාව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ විසින් ඉදිරිපත් කර තිබේ.

මෙම ක්‍රිකට් තරගය විස්සයි 20 තරගයක් ලෙස පැවැත්වීමට අදහස් කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කරයි. එමෙන්ම මෙම තරගයෙන් ලැබෙන අදායම කොවිඩ් -19 අරමුදල වෙනුවෙන් එක් කිරීමට බලාපොරොත්තු වන බව වැඩිදුරටත් වාර්තා වෙයි.

මෙම තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වීමට අදහස් කර ඇති අතර එහි සමස්ත ධාරිතාවයෙන් සීයයට 50 කට තරගය නැරඹීමට අවස්ථාව ලබාදීමට නියමිතව තිබේ.

Read more

Local News