අද සිට දිවයින පුරා ගෙවී ගිය ටයර පරීක්ෂා කිරිමේ විශේෂ මෙහෙයුමක්

Share

මෙරට සිදුවන රිය අනතුරුවලට මුලික හේතුවක් ලෙස වාහනවල පවතින දෝෂ සහිත තත්ත්වයන් හඳුනාගෙන තිබිම හේතුවෙන් අඛණ්ඩව අද සිට දින තුනක කාලයක් වාහනවල ගෙවී ගිය ටයර පරීක්ෂා කිරීමට මෙහෙයුමක් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේය.

ඒ අනුව ගෙවී ගිය ටයර සහිත වාහන සොයා අද සිට දිවයින පුරා මෙහෙයුමක් ක්‍රියාත්මක කරන ලෙසට පොලිස් මුලස්ථානය විසින් විශේෂ නියෝගයක් ලබා දී ඇති බව පැවසීය.

ගෙවී ගිය ටයර සහිත රථවාහන වරදක් සම්බන්ධයෙන් වරදකරුවන පුද්ගලයෙකුට රු 3500ක දඩයක් නියම කිරීමේ හැකියාව පවතින බව ද , එවැනි වාහනයකින් යම් අයෙකුට තුවාල සිදුවුවහොත් සාමාන්‍ය තුවාල සිදුකිරීමේ දඬුවමට අමතරව රු 25,000ක දඩයක් නියම කිරීමේ හැකියාව පවතින බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

Read more

Local News