ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ධුරයට පත් වූ ජේ.සී. අලවතුවල මහතා සිය ධූරයේ වැඩ භාර ගැනීම අද (2) පෙ.ව. 10.10ට යෙදී තිබෙන සුබ මොහොතින් සිදු කෙරේ.
කොළඹ-07 පිහිටි ස්වදේශ කටයුතු අමාත්‍යාංශය පරිශ්‍රයේ දී වැඩ භාරගැනීම සිදුවෙයි.
එක්සත් ජාතික පක්ෂයේ මාවතගම ආසන සංවිධායකවරයා ලෙස කටයුතු කරන ජේ.සී. අලවතුවල මහතා කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුට තේරී පත් වූ මන්ත්‍රීවරයෙකි.