සිසුන්ගේ ඉංග්‍රීසි භාෂා කුසලතා ඉහළ නැංවීමට පියවර

Share

ගාල්ල දිස්ත්‍රික්කයේ තෝරාගත් ඉංග්‍රීසි ගුරුවරුන් 100 ක් පුහුණු කිරීමේ වැඩසටහන ගාල්ල දිස්ත්‍රික් ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.  

ඒ පාසල් සිසුන්ගේ ඉංග්‍රීසි භාෂා කුසලතා ඉහළ නැංවීම අරමුණු කර ගැනීම නවීන තාක්ෂණය සමඟ එක්වෙමින් සම්පාදනය කරන ලද ඉංග්‍රිසි සුහුරු පන්ති ව්‍යාපෘතිය යටතේය.

වැවිලි  අමාත්‍ය රමේෂ් පතිරණ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්  පැවති මෙම අවස්ථාවට අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා, අධ්‍යාපන අමාත්‍යාංශයේ මාධ්‍ය ලේකම් බුද්ධික වික්‍රමාදර, බ්‍රැන්ඩික්ස් ආයතනයේ අධ්‍යක්ෂ (නැගෙනහිර) සෙන්තිල් ඊශ්වරන්, ලෝරන්ස් වින්සන්ට් යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.  

පසුගිය වර්ෂයේ සිට දීප ව්‍යාප්ත මට්ටමින් ආරම්භ කරන ලද මෙම වැඩසටහන යටතේ දකුණු පළාතේ පාසල් 200කට සුහුරු පන්ති ලබාදීමට කටයුතු කර තිබේ.  

අධ්‍යාපන අමාත්‍යාංශය සමඟ සම්බන්ධීකරණය  වෙමින් මෙම  කාලෝචිත වැඩසටහන සඳහා අනුග්‍රාහක දායකත්වය සපයන්නේ බ්‍රැන්ඩික්ස් ආයතනයේ ව්‍යාපෘතියයි.

පාසල්වල 3 ශ්‍රේණියේ සිට 8 ශ්‍රේණිය දක්වා විෂය මාලාවේ පෙළපොත් ඇසුරෙන් සකස් කරන ලද පාඩම් ඇතුළත් Read to me නම් අන්තර්ජාල යෙදවුමක් මඟින් මෙම ඉංග්‍රීසි සුහුරු පන්ති ක්‍රියාත්මක වේ. 

Read more

Local News