සිංහරාජය පිළිබද මාධ්‍යයෙන් ප්‍රචාරය වන අසත්‍ය පුවතක් ගැන වාරිමාර්ග ඇමති කියයි

Share

සිංහරාජ රක්ෂිත වනාන්තරයේ වැව් දෙකක් ඉදිකිරීමට සැළසුම් කර තිබෙන බවට ඇතැම් මාධ්‍ය වැරදි ප්‍රචාර ගෙන යන බවත් නිවැරදිව කෙරෙන්නේ කුමක්දැයි සොයා බලා වාර්තා කළ යුතුයැයි ද වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පවසයි.

සිංහරාජ රක්ෂිත වනාන්තරය ආශ්‍රිතව වැව් දෙකක් ඉදිකිරීමට සැළසුම් කර ඇති බවත් මෙය වසර ගණනාවක සිට වාරිමාර්ග දෙපාර්තමේන්තුව සතු යෝජනාවක් බවත් රටේ ජනතාව අවුස්සන්නේ නැතිව නිවැරදිව කෙරෙන්නේ කුමක්දැයි සොයා බලා වාර්තා කළ යුතුයැයිද අමාත්‍යවරයා සදහන් කළේය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද(23) පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින්ය.

මීට වසර 90කට පමණ පෙර සිට කළු, ගිං, සහ නිල්වලා ගංගා වල වතුර ඊසාන දෙසට ගෙනයාමේ සැළැස්මක් වාරිමාර්ග දෙපාර්තමේන්තුව සතු වූ බවත් එහෙත් කිසිදු රජයක් මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවූයේ නැති බවද අමාත්‍යවරයා පැවසීය.

ජල පිපාසයෙන් පීඩාවට පත් වූ විශාල ජනතාවක් එම ප්‍රදේශ වල සිටින බවත් තවද ගං වතුර වළක්වා ගැනීමද මෙහි අරමුණ පෙන්වා දුන් අමාත්‍යවරයා, මෙම ව්‍යාපෘතිය කවදා හෝ සිදුකළ යුතු ව්‍යාපෘතියක් බවත්මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් සහ එමගින් විශාල හානියක් සිදුවන්නේද යන්න පිළබඳව අධ්‍යනය කරන ලෙස යුනෙස්කෝවෙන්ද ඉල්ලා ඇති බව අමාත්‍යවරයා පැහැදිළි කළේය.

Read more

Local News