රන්ජන්ගේ පාර්ලිමේන්තු අසුන ගැන තීන්දුව මාර්තු 31 වැනිදාට

Share

පසුගියදා අධිකරණයට අපහාස කිරිම හේ්තුවෙන් දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින රන්ජන් රාමනායක මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහිමිකිරීම වැළැක්වීමේ රිට් ආඥාවක් නිකුත්කරන ලෙස ඉල්ලා ඉදිරිපත් කළ පෙත්සම විභාගයට ගැනීම සඳහා වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කරන්නේ ද නැද්ද යන තීන්දුව මේ මස 31 වැනිිදා ප්‍රකාශයට පත්කරන බව අභියාචනාධිකරණය නියෝග කළේය.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර සහ මායාදුන්නේ කොරයා යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම දින තුනක් සලකා බැලීය.

පෙත්සම්කාර රන්ජන් රාමනායක මහතාට සිර දඬුවම් නියම වූ  තීන්දුව ප්‍රකාශයට පත් වී අප්‍රේල් මස 8 වන දා වන විට මාස තුනක කාලයක් සම්පූර්ණ වන හෙයින් ඊට පෙර මෙම තීන්දුව ලබා දෙන ලෙස ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සුරේන් ප්‍රනාන්දු මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

Read more

Local News