ඩුබායි සිට මෙරටට ගෙනා මෘත ශරීරය කෙසෙල්වත්තේ දිනුකගේ බවට තහවුරු කෙරේ

Share

ඩුබායි සිට මෙරටට රැගෙන විත් තිබු මෘත ශරීරය රාජපක්ෂ ආරච්චිගේ දිනුක මධුශාන් හෙවත් කෙසෙල්වත්තේ දිනුකගේ මෘත ශරීරය බවට තහවුරු වි ඇත.

ඔහුගේ මවගේ ඩීඑන්ඒ ඔස්සේ සිදුකළ පරීක්ෂණවලදී එය තහවුරු වි ඇති බවත් ඒ අනුව මෘත ශරීරය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය අද (24) දින සිදුකළ බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා පැවසීය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක සදහන් කළේ අධිකරණ නියෝග මත මෘත ශරීරය කෙසෙල්වත්තේ දිනුකගේ බිරිඳට භාර දීමට කටයුතු කරන බවයි.

Read more

Local News