පරිසර විනාශය පිළිබඳ කතිකාව නාට්‍යකරණයක් කර නොගත යුතුයි : ජනමාධ්‍ය ඇමති

Share

මෙරට පරිසර විනාශය පිළිබඳ කතිකාව කැබිනට් පත්‍රිකාවක් මගින් සාකච්ඡාවට බඳුන් නොවුණත් පොදුවේ වගකිව යුතු පාර්ශවයන් හා සාකච්ඡාවට බඳුන් කර ඇති අතර මේ වන විට ඇති වී ඇති තත්ත්වයන් පිළිබඳව සහ මෙතෙක් ලැබී ඇති සියලුම තොරතුරු පිළිබඳව පෞද්ගලිකවම වෙන් වෙන් වශයෙන් පරීක්ෂණයන් පවත්වන බවත් ඊළඟ සති දෙක තුන ඇතුළත රටේ ජනතාවට මෙම පරිසර විනාශය පිළිබඳව සවිස්තරාත්මකව තොරතුරු ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවත් කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (24) දින පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ය.

පරිසර විනාශය සම්බන්ධයෙන් රජයට විවිධ චෝදනා එල්ල වන අතර පරිසරවේදීන්ගේ පිබිදුමක් ඇති වීම හා සිංහරාජයට ආසන්න මෙම පුද්ගලික ඉඩම නැවත රජයට පවරා ගැනීමට යෝජනාවක් ඉදිරිපත් වී තිබේද යන්න පිළිබඳව මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනි.

අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේ මෙතෙක් ඉදිරිපත් වූ තොරතුරු සියල්ලම සත්‍ය බවට පිළිනොගන්නා බවත්, පාරම්පරිකව ජීවත් වන ජනතාව ඇතැම් ස්ථාන වලින් පරිසර සංවේදී කලාප යැයි පෙන්වමින් එම කලාප වලින් ඉවත් කිරීමට රජයේ ඇතැම් නිලධාරීන් කටයුතු කරන බවත් මෙම පවුල් වසර 30 – 40 ජීවත් වූ ඉතා අසරණ දුගී දුප්පත් ජනතාව වන අතර මෙහිදී වනජීවී දෙපාර්තමේන්තුව තුළ ක්‍රියාත්මක වන ඇතැම් අණ පනත් හරහා යම් යම් අසාධාරණකම් සිදු වන බවයි. මේ සම්බන්ධව රජයේ අවදානය යොමු වී තිබෙන අතරම මේ හේතුව මත පදනම්ව මෙම ඉඩම් නැවත මෙවැනි ජනතාව වෙත ලබා දීමට ජනාධිපතිතුමන් උපදෙස් දුන් බවත්ය.

තවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේ රටේ යම් අණ පනත් පිහිටවපු කාලසීමා නිර්ණය කිරීමත් සමඟ එමඟින් රටේ සංවර්ධනයට යම් කිසි බලපෑමක් සිදු වන අතර මෙම ගැටලුව සම්බන්ධව රජය විශේෂ අවදානය යොමු කර ඒ සම්බන්ධව ස්ථීරසාර වැඩ පිළිවෙලක් ඉතා ඉක්මනින් ක්‍රියාත්මක කරන බවත්, එය ඉතා තුලන ක්‍රියාවලියක් විය යුතු බවත්ය. එනම් මිනිස්සු ජීවත් විය යුතු බවත්, පරිසරය සුරැකිය යුතු බවත්, සතා සිවුපාවා ආරක්ෂා විය යුතු බවත්ය. මෙය කළමනාකරණය ඉතාමත්ම අපහසු දෙයක් වන අතර මෙම කාර්යය සිදු කළ යුතුව ඇති අතර මෙවැනි තත්ත්වයන් යටතේ රජය අපහසුතාවයට පත් වන අතරම ජනතාවත් අපහසුතාවයට පත් වන බවත්ය.

Read more

Local News