පෙර පාසල් දරුවෙකු වෑන් රථයෙන් එළියට විසිවී මරුට : පෞද්ගලික ප්‍රවාහන සේවා ගැන පොලිසියේ දැඩි අවධානය

Share

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ හුණුකැටිය හන්දිය ආසන්නයේ දී ඊයේ (25) දිනයේ පාසල නිමවී නිවෙස බලා වෑන් රථයකින් ගමන්ගත් පෙර පාසල් දරුවකු වෑන් රථයෙන් එළියට විසිවී තුවාල ලබා ජිවිතක්ෂයට පත් වි තිබෙන බව වාර්තා වෙයි.

පරගහආරාව ඌවකරඳගොල්ල පදිංචි පස් හැවිරිදි දරුවකු මෙලෙස ජිවිතක්ෂයට පත් ව තිබේ.

ධාවනය වෙමින් තිබූ වෑන් රථයේ දොර විවෘත වීමෙන් දරුවා එළියට විසිවී තිබෙන අතර දරුවා එම වෑන් රථයෙන්ම වැල්ලවාය රෝහලට රැගෙන ගොස් තිබේ

රෝහල්ගත කරනවිටත් දරුවා මියගොස් සිටි බව වාර්තා වෙයි.

අජිත් රෝහණ මහතා සඳහන් කළේ මෙම පෙර පාසල් දරුවා රැගෙන ගිය වෑන් රථයේ රියදුරුගේ වයස අවුරුදු 27ක් බවත් සහයකයෙක් නොසිටි බවත්ය

මෙම සිදුවීම වන අවස්ථාවේ දරුවන් 4 ක් වෑන් රථයේ සිට ඇති බවත් දෙමව්පියන්ද මේ පිළිබඳව සැලකිල්ලෙන් කටයුතු කල යුතු බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

දරුවන් පිළිබද වඩා වගකීමකින් සිටිය යුතු බවත් ,එමෙන්ම දරුවන් ප්‍රවාහනය කරන පෞද්ගලික ප්‍රවාහන සේවා සම්බන්ධයෙන් ඉදිරියේදී දැඩි අවධානයකින් පසුවන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

Read more

Local News