පාසල්වල විෂය බාහිර ක්‍රියාකාරකම් අවුරුදු නිවාඩුවෙන් පසු අරඹන බව අධ්‍යාපන ඇමති කියයි

Share

දිවයිනේ සියලුම පාසල් අද ආරම්භ කිරීම සම්බන්ධයෙන් සතුටු වන බවත්, අප්‍රේල් 09 වැනිදා අලුත් අවුරුදු නිවාඩුව ආරම්භ වන බවත් අධ්‍යාපන අමාත්‍ය ජී.එල් පීරිස් මහතා සදහන් කළේය.

ඒ මහතා මේ බව පැවසුවේ අද(29) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්ය.

මේ අතර අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ පාසල්වල ක්‍රීඩා, සංස්කෘතික කටයුතු, ඇතුළු විෂය බාහිර ක්‍රියාකාරකම් අලුත් අවුරුදු නිවාඩුවෙන් අනතුරුව ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවයි.

නව පාසල් වාරය ආරම්භ වන්නේ අප්‍රේල් 19 වැනිදා වන අතර සෞඛ්‍ය උපදෙස්වලට දැඩි ලෙස අනුගත වෙමින් පාසල් විවෘත කිරීම සහ පවත්වාගෙන යාම සිදු කරන බවත් අමාත්‍යවරයා පැවසිය.

Read more

Local News