කෝටියක කේරළ ගංජා තොගයක් සමග දෙදෙනෙකු අත්අඩංගුවට

Share

මල්වානේ වල්ගම සමෘද්ධි මාවතේ කුරුස කණුව ප‍්‍රදේශයේ නේවාසිකාගාරයක සඟවා තිබූ රුපියල් කෝටියක් පමණ වටිනා කේරළ ගංජා කිලෝ ග‍්‍රෑම් 85ක තොගයක් කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මේ සම්බන්ධව පුද්ගලයින් දෙදෙනෙකු ද පොලිස් භාරයට ‌ගෙන ඇත.

අදාල සැකකරුවන් සන්තකයේ තිබි ජංගම දුරකථන තුනක් ද සොයා ගෙන තිබේ

බියගම සියඹලාපේ හන්දියේදී පුද්ගලයෙකු ළග තිබූ සැක පාර්සල් දෙකක් පරීක්ෂාවට ලක් කිරීමේදී එහි කේරළ ගංජා කිලෝ ග‍්‍රෑම්4ක් හා හතරයි මිලිග‍්‍රෑම් 250ක් තිබී හමු වූ අතර ඉන්පසුව ඔහුගෙන් ප‍්‍රශ්න කිරීම් මත එම කේරළ ගංජා තොගය සොයා ගැනීමට හැකි වී ඇත.

එම කේරළ ගංජා තොගය ඉන්දියාවේ සිට බෝට්ටු මගින් යාපනයට ගෙනැවිත් තිබෙන බවට තොරතුරු ලැබි ඇති අතර එම කේරළ ගංජා මොවුන් විසින් බෙදාහැරීම සඳහා යාපනයේ සිට රැගෙනවිත් සඟවා ‌තිබේ

අදාල සැකකරුවන් බියගම හා දොම්පේ යන ප‍්‍රදේශවල පදිංචි වයස අවුරුදු 30 හා 31 වන වියේ පසුවන්නන්ය.

එම සැකකරුවන් අධිකරණයේ රැඳවුම් නියෝග ලබා තවදුරටත් ප‍්‍ර‍්‍රශ්න කිරීමට නියමිතය.

Read more

Local News