ඉදිරි මාස කිහිපය තුළ නව නීති ප්‍රතිසංස්කරණ 10 ක්

Share

ඉදිරි මාස කිහිපය තුළ නව නීති ප්‍රතිසංස්කරණ 10 ක් ඉදිරිපත් කරන බවත් ඊට අදාළව කමිටු කිහිපයක් මේ වන විටත් ක්‍රියාත්මක වන බවත් කමිටු දෙකක වාර්තා මේ වන විටත් ලබා දී ඇති බවත් අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා පැවසීය.

ඒ මහතා මේ බව පැවසුවේ අධිකරණ අමාත්‍යාංශය විසින් සංවිධානය කළ යුක්තිය ශක්තිමත් කිරීම සදහා වු ජාත්‍යන්තර සංවර්ධන හවුල්කරුවන්ගේ සම්මන්ත්‍රණයට එක්වෙමින්ය.

එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය ශක්තිමත් කිරීමට අවශ්‍ය සියලූ ක්‍රියාදාමයන් වඩාත් සාධනීය ලෙස වැඩි දියුණු කිරීමට අධිකරණ අමාත්‍යාංශය කටයුතු කරමින් සිටින බවයි.

ඒ සදහා මේ වන විටත් පියවර රාශියක් ගෙන ඇති බවත් නීති සංශෝධනය සදහා අමාත්‍යාංශය යටතේ ප්‍රතිසංස්කරණ අංශයක්ද ස්ථාපිත කර ඇති බවත් ඔහු පෙන්වා දුන් අතර අධිකරණ පද්ධතිය තුළ වර්තමානයේ පවතින ගැටළු සදහා දිගු කාලීන පරිපුර්ණ විසඳුම් හඳුන්වා දෙන බවත් එය වත්මන් රජය අවබෝධ කර ගෙන මේ වන විටත් කටයුතු කරමින් සිටිනක බවත් අධිකරණ අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළේය.

Read more

Local News