තංගල්ලේ ප්‍රදේශ කිහිපයකට අද ජල කප්පාදුවක්

තංගල්ලේ ප්‍රදේශ කිහිපයකට අද (06) පෙ.ව 8 සිට ප.ව 7 දක්වා පැය 11ක ජල කප්පාදුවක් සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

ඒ අනුව ජල කප්පාදුව සිදුකෙරෙන ප්‍රදේශ පහතින්

නෙටොල්පිටිය
අලුත්ගොඩ
විතාරන්දෙණිය
රොටේ පාර
ඇත්ගාල් මුල්ල පාර
කපුහේනවල
මාරකොල්ලිය 
වගේගොඩ
සැමුවෙල් මාවත
තංගල්ල තිස්ස පාර
තංගල්ල නගරයේ කොටසක් 
පට්ටියපොල පාර නෙටොල්පිටිය
රැකව පාර