වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශය තුළට පිටතින් විසිකරන ලද පාර්සලයක් අත්අඩංගුවට (ඡායාරූප)

Share

කොරෝනා වෙෙරස තත්ත්වය හේතුවෙන් ඉවත්කර තිබූ වැලිකඩ බන්ධනාගාර කාන්තා අංශය වෙත පසුගිය(04) වැනිදා සිට නැවතත් කාන්තා රැඳවියන් රැඳවීම සිදුකරනු ලැබිය.

මේ අතර පසුගිය (04) වැනිදා රාත්‍රියේ වනාතමුල්ල ප්‍රදේශයේ සිට සීමා තාප්පයට ඉහලින් බන්ධනාගාරය තුලට තහනම් ද්‍රව්‍ය අඩංගු පාර්සලයක් විසිකර ඇති බව වාර්තා වෙයි.

එසේ විසිකරන ලද පාර්සල් බන්ධනාගාරය තුලට වැටීම වැලැක්වීම සඳහා මීට පෙර සිට බන්ධනාගාරයට ඉහලින් දැල් ආවරණ යොදා ඇති අතර මෙම පාර්සලය ද එම දැල් ආවරණය මතට වැටී තිබියදී අත්අඩංගුවට ගෙන ඇත.

තවද ඊයේ(05) දින රාත්‍රී 11.45 ට පමණ තහනම් ද්‍රව්‍ය අඩංගු පාර්සල් 02 ක් කාන්තා අංශයට ඉහලන් ඇති දැල් ආවරණය මත රැඳී තිබියදී හා තවත් එක් පාර්සලයක් ඒ අසල බිම වැටී තිබියදී අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගන්නා ලද පාර්සල් තුල පහත සඳහන් තහනම් ද්‍රව්‍ය අඩංගු වී ඇත.

ජංගම දුරකථන 09 ක් / ජංගම දුරකථන සිම්පත් 05 ක් / ජංගම දුරකථන බැටරි 14 ක් / ජංගම දුරකථන චාජර් 08 ක් / දුම්කොළ 10 ක් / බුලත් කොල 20 ක් හා පුවක් කැබලි 20 සමඟ විට කන හුනු පැකට් එකක් / ඊයම් කොල 04 ක් / ගිනි පෙට්ටි 02 ක් වෙයි.

අත්අඩංගුව ගන්නා ලද ද්‍රව්‍ය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා බොරැල්ල පොලිස් ස්ථානය වෙත භාර දී ඇති අතර ඒ පිළිබඳ විමර්ශන කටයුතු සිදුවෙමින් පවතී.

No description available.
No description available.No description available.No description available.

Read more

Local News