යුද්ධය හේතුවෙන් අත් හා පාද අහිමි වූ උතුරු-නැගෙනහිර සිවිල් ජනතාවට නිවේදනයක්

Share

යුද සමයේදි ත්‍රස්තවාදීන් සමග එක්ව සටන් කිරිම හේතුවෙන් අත් හා පාද අහිමි වූ උතුරු ප්‍රදේශයන්හී දැනට සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව යටතේ සේවය කරනු ලබන ආබාධිත අයවළුන් හට රණවිරු සෙවණ වෙතින් කෘතිම අත් හා පාද සකසා දීම පිළිබද දැනුවත් කිරිම පිළිබද යුද්ධ හමුදා මුලස්ථානය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව යුද්ධ හමුදාපතිගේ උපදෙස් මත සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අනුග්‍රහකත්වය සහිතව රණවිරු සෙවණ වෙතින් ක්‍රියාත්මක කරනු ලැබු අත් හා පාද ලබා දීමේ මූලික අදියරට සමගාමිව යුද සමයේදි ත්‍රස්තවාදීන් සමග එක්ව සටන් කිරිම හේතුවෙන් අත් හා පාද අහිමි වූ උතුරු ප්‍රදේශයන්හි දැනට සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව යටතේ සේවය කරනු ලබන කාන්තා හා පිරිමි නිලධාරින් 64 දෙනෙකුට කෘතිම අත් හා පාද ලබා දීම සදහා මිණුම් ලබා ගැනිම අප්‍රේල් මස 5 සහ 6 යන දිනයන් තුළ පුනුරුත්ථාපන අධ්‍යක්ෂ මණ්ඩලය යටතේ පාලනය වන අභීමංසල 1- අනුරාධපුර සුවසහන මධ්‍යස්ථානයේ ස්ථාපිත කරන ලද සෘජුකාරක හා අංගා දේශක උප කාර්මිකාගාරයේදී පවත්වනු ලැබේ.

මෙම ව්‍යාපෘතිය තුළින් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ කාන්තා නිලධාරිනියන් 6ක් සහ නිලධාරින් 58ක් සදහා ඉතා උසස් තත්ත්වයෙන් යුතු කෘතිම අත් හා පාද රණවිරු සෙවන රාගම සෘජුකාරක හා අංගා දේශක කාර්මිකාගාරය වෙතින් නිෂ්පාදනය කිරිම මේ වන විට ආරම්භ කර තිබේ.

තවද යුද හමුදාපතිතුමන්ගේ සංකල්පයකට අනුව උතුරු නැගෙනහිර පැවති යුද්ධය හේතුවෙන් අත් හා පාද අහිමි වූ සිවිල් ජනතාව වෙනුවෙන් නොමලේ කෘතිම අත් හා පාද ලබා දීම සදහා රණවිරු සෙවන රාගම සෘජු කාරක හා අංගා දේශක කාර්මිකාගාරයේදී හා අභිමංසල 1-අනුරාධපුර සෘජුකාරක හා අංගාදේශක උප කාර්මිකගාරය වෙතින් සැලසුමි කර තිබේ. ඒසේ අවශ්‍යතාවයන් තිබෙන සිවිල් ජනතාව සදහා පහත සදහන් දුරකථන අංකයන් ඔස්සේ සම්බන්ධ වි ඔවුන්ගේ අවශ්‍යතාවයන් සපුරා ගැනිමට ඉඩකඩ පවති.

සෘජුකාරක හා අංගාදේශක කාර්මිකගාරය – රණවිරු සෙවන රාගම 0112958077

සෘජුකාරක හා අංගාදේශක උප කාර්මිකගාරය – අභිමංසල 1 (අනුරාධපුර) 0252225151

Read more

Local News