අන්තවාදි දේශන පැවැත්වූ දෙදෙනෙකු අත්අඩංගුවට

Share

ඔලුවිල්හිදී අන්තවාදය පැතිරීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු පොලිස් තස්ත්‍ර මර්දන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි සිසුන්ට දේශන පැවැත්වීම සම්බන්ධයෙන් ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති බවට පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

මෙම සැකකරුවන් ඊයේ දිනයේ අත්අඩංගුවට ගෙන ඇත.

2018 වසරේ දෙසැම්බර් මාසයේ දී එම පන්ති ඔලුවිල් ප්‍රදේශයේ දී පවත්වා ඇති අතර, එම පන්තිවලට සහභාගී වු සිසුන්ට ඔවුන්ගේ කැමැත්ත නොමැතිව විවිධ ශාරීරික අභ්‍යාස ලබාදුන් බවට ද හෙළි වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

එම අභ්‍යාසවලට අකමැති වු සිසුන්ට පහරදීම් ද සිදුකර ඇති අතර, එවැනි පහරදීම්වලට ලක්වු සිසුන් පිරිසක් ත්‍රස්ත ක්‍රියා විමර්ශන කොට්ඨාසය විසින් සොයාගෙන අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා කොළඹ ත්‍රස්ත ක්‍රියා විමර්ශන කොට්ඨාසය වෙත රැගෙන විත් තිබේ.

රැඳවුම් නියෝග මත ඔවුන්ගෙන් තවදුරටත් ප්‍රශ්න කිරීමට නියමිත බවත් පාස්කු ඉරුදින ප්‍රහාරය හා සම්බන්ධ ස්වයං ඝාතකයෙක් වූ සහරාන් හෂීම්ගේ අනුදැනුම මත එම අන්තවාදී පන්ති පැවැත්වු බවට අනාවරණය වු බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශවරයා වැඩිදුරටත් පැවසීය.

Read more

Local News