කොරෝනා ආසාදනය වීමෙන් ඇති විය හැකි අතුරු ආබාධ පිළිබද නවතම අනාවරණයක්

Share

කොරෝනා රෝගය වැළඳී සුවය ලැබූ සෑම පුද්ගලයින් තිදෙනෙක්ගෙන් එක් අයෙක්ට දීර්ඝ කාලීනව විවිධ රෝගාබාධ ඇතිවිය හැකි බව නවතම පර්යේෂණයකින් හඳුනාගෙන ඇති බව CNN පුවත් සේවය වාර්තා කර ඇත.

ඒ අනුව එවැනි පුද්ගලයින්ට මානසික ආබාධ, හෝ ස්නායු ආබාධ ලක්ෂණ ඇතිවිය හැකි බව පර්යේෂකයෝ සඳහන් කර තිබේ.

ඒ පිළිබඳ පර්යේෂණ වාර්තාව “Lancet Psychiatry” සඟරාවේ පළකර ඇත.

කොවිඩ් සුවවූ 17%ක් කාන්සියෙන් පෙළෙන බවත් 14%ක් ක්ෂණික ඉරියව් වෙනස්වීම් වලට ලක්වන බවත් එම වාර්තාවේ සඳහන්.

රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ අය අතර ස්නායු ආබාධයන් මතුවිය හැකි බවද එම පර්යේෂකයෝ පෙන්වා දී ඇති අතර කොරෝනා වෛරසය ආසාදනය වී සුවවූ පුද්ගලයින් 236,000කගේ තොරතුරු ආශ්‍රයෙන් මෙම පර්යේෂණය සිදුකර තිබෙනවා.

Read more

Local News