රුධිර පාරවිලයන මධ්‍යස්ථානය ඉල්ලීමක්

Share

අලුත් අවුරුදු සමයේ ඇතිවිය හැකි රුධිර හිඟය මග හැරවීම සඳහා රුධිරය පරිත්‍යාග කරන්නැයි ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානය ඉල්ලීමක් කර තිබේ.

ඒ අනුව රුධිර පරිත්‍යාගශිලීන්ට ලබන 13 හා 14 යන දිනවල රුධිරය පරිත්‍යාග කිරීම සඳහා නාරාහේන්පිට පිහිටි ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ පහසුකම් සලසා ඇති බව එහි අධ්‍යක්ෂ වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ මහතා ප්‍රකාශ කළේය.

Read more

Local News