ගම්බිම් බලා ගිය ජනතාවට යළි පැමිණිමට 15වැනිදා ප්‍රවාහන පහසුකම්

Share

එළඹෙන 15 වනදා සිට අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා පිටත්ව ගිය පිරිස් වෙත යළි පැමිණිම සඳහා ප්‍රවාහන පහසුකම් සලසන බව දිලුම් අමුණුගම රාජ්‍ය අමාත්‍යවරයා පවසයි.

මේ වන විට බස්රථ 3000ක් අමතරව එක්කර ඇතැයි ද පැවසු දිලුම් අමුණුගම මහතා කොළඹින් ගම්බිම් බලා පිටව යන බස්රථ නැවත අප්‍රේල් 15 වන දින සිට කොළඹට ළඟාවීමට නියමිත බවත් පැවසීය.

අප්‍රේල් 14 වන දින බස්රථ හිඟයක් ඇතිවිය හැකි බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

මේ අතර, අමතර දුම්රිය 21ක් සහ අමතර දුම්රිය ගමන්වාර 58ක් ද අප්‍රේල් 9 වන දින සිට ක්‍රියාත්මක බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

එම දුම්රිය කාල සටහන පහතින් 

විශේෂ දුම්රිය 10 : මරදාන 7.40 / කළුතර දකුණ 9.07 / 13/14.04.2021

විශේෂ දුම්රිය 11 : කළුතර දකුණ 9.20 / වේයන්ගොඩ 11.57 / 13/14/04.2021

Read more

Local News