කොළඹ නගරයේ අද සිට යළි අහඹු pcr පරීක්ෂණ

Share

කොළඹ නගරය තුල යළි අහඹු pcr පරීක්ෂණ සිදු කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ කොරෝනා ආසාදිතයින් වැඩි පිරිසක් නැවත වරක් කොළඹ දිස්ත්‍රික්කයෙන් හදුනා ගැනීමත් සමගයි.

ඊයේ දිනය තුලත් කොළඹින් නව ආසාදිතයින් 62 දෙනෙකු අලුතින් හදුනා ගෙන තිබෙන අතර ගම්පහ දිස්ත්‍රික්කයෙන් ද ආසාදිතයින් 50 දෙනකු වාර්තා වී තිබෙනවා. මේ දක්වා මෙරටින් හමුව ඇති සමස්ත ආසාදිතයින් ගණන 97, 105 ක් වන අතර වාර්තා වී ඇති මරණ ගණන 620ක්.

Read more

Local News