බිල් ගේට්ස් – මෙලින්ඩා ගේට්ස් සිය අවුරුදු 27ක විවාහ දිවියට සමුදෙයි

Share

බිල් ගේට්ස් – මෙලින්ඩා ගේට්ස් සිය අවුරුදු 27ක විවාහ දිවියට සමුදීමට තිරණය කර තිබෙනවා. ඒ අනුව ඔවුන් සිය ට්විටර් ඔස්සේ සටහනක් තබමින් පවසන්නේ, තවදුරටත් එක්ව ජීවත් විය හැකි බවට තමන් විශ්වාස නොකරන බවයි.

1994 වසරේ හවායි දූපතේ ලනායිහිදී ඔවුන්ගේ විවාහය සිදු වූ අතර දරුවන් තිදෙනෙකු එම දෙපලට සිටි. 1970 දශකයේදී ආරම්භ කරන ලද ලොව විශාලතම මෘදුකාංග සමාගම හරහා බිල් ගේට්ස් ධනවතෙකු වූ අතර ෆෝබ්ස් සඟරාවට අනුව බිල් ගේට්ස් ලොව සිව් වැනි ධනවතා ද වනවා. Bill & Melinda Gates පදනම හරහා ලොව පුරා ජනතාවට විශාල විශාල කාර්යභාරයක් සිදු කළා.

Read more

Local News