ඩෙන්මාර්කයේ පාපන්දු ක්‍රීඩිකාවෝ වැටුප් සම්බන්ධයෙන් වැඩ වර්ජනයක

Share

සිය වැටුප් සම්බන්ධයෙන් ඩෙන්මාර්ක පාපන්දු සම්මේලනය සමග හටගෙන තිබෙන මතභේදයක් හේතුවෙන් ඩෙන්මාර්කයේ පාපන්දු ක්‍රීඩිකාවෝ වැඩ වර්ජනයක නිරතව සිටිති.

අර්බුදය කෙතරම් උග්‍රව තිබෙන්නේ ද යත් ඔවුහු පසුගිය සිකුරාදා නෙදර්ලන්තයට එරෙහිව පැවති සුහද තරගයට ද සහභාගි නොවූහ.

මතභේදය පිළිබඳව ස්ථිර එකඟත්වයකට පැමිණෙන තුරු තාවකාලික විසඳුමක් පාපන්දු සම්මේලනය (Danish Football Association -DBU) විසින් ඩෙන්මාර්ක වෘත්තීය පාපන්දු ක්‍රීඩක/ක්‍රීඩිකාවන්ගේ සංගමය (Danish Professional Footballers Association -PFA) වෙත සෙනසුරාදා (සැප්තැම්බර් 16) ඉදිරිපත් කරන ලද නමුත් ඒ සම්බන්ධයෙන් ද තවමත් එකඟත්වයකට එළඹී නැත.

එම යෝජනාවට ප්‍රතිචාර වශයෙන් ක්‍රීඩකයන්ගේ සංගමය යෝජනා දෙකක් ඉරිදා (සැප්තැම්බර් 17) ඉදිරිපත් කළ නමුත් එම යෝජනා දෙකම ප්‍රතික්ෂේප කෙරිණ.

මේ අතරවාරයේ ඩෙන්මාර්ක පාපන්දු ක්‍රීඩකයෝ ක්‍රීඩිකාවන්ට සිය වැටුප්වලින් බ්‍රිතාන්‍ය පවුම් 60,000 ක මුදලක් ගෙවීමට යෝජනාවක් කළහ.

Read more

Local News