ට්‍රැක්ටර් රථ අනතුරකින් 21ක් තුවාල ලබයි May 21, 2021 ධාවනය වෙමින් තිබු ට්‍රැක්ටර් රථයක ටේලරය ගැල වී ගොස් ප්‍රධාන මාර්ගය හරහා පෙරළී යෑමෙන් එහි ගමන් ගත් වතු සේවිකාවන් 21දෙනෙක් තුවාල ලබා ඇත. තුවාල ලැබු පිරිස නුවර එළිය මහ රෝහල වෙත ඇතුළත් කර ඇති අතර ඉන් සිව්දෙනෙකුගේ තත්ත්වය බරපතළ බව රාගල පොලීසිය පවසයි.