විශ්වවිද්‍යාල ප්‍රවේශයට අයදුම්කිරීම පිළිබද දැනුවත් කිරීමක්

Share

2020 උසස් පෙළ සඳහා පෙනී සිටි සිසුන්ගේ විශ්වවිද්‍යාල ප්‍රවේශ අයදුම් පත්‍ර සඳහා පසුගිය සිකුරාදා (21) සිට ලබන මස 11වනදා දක්වා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව කාලසීමාව විවෘත කළ බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පවසයි.

මේ දිනවල සංචරණ සීමා හේතුවෙන් සහ පාසල් වසා ඇති බැවින් අයදුම් පත්‍ර ඉදිරිපත් කිරීමේදී පාසලෙන් ලබාගත යුතු කිසිදු සහතිකයක් නොමැතිව අන්තර්ජාලය ඔස්සේ තමන්ගේ කරුණු කාරණා පමණක් ඇතුළත් කර අදාළ අයදුම් පත්‍රය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වෙත යොමු කිරීමේ හැකියාව පවතින බව එතුමා පැවසීය.

Read more

Local News