ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශිකයින්ට ඔන්ලයින් ගුවන්තොටුපළේදීම වීසා නිකුත් කිරීමෙන් 2017 වසරේ ආගමන හා විගමන දෙපාර්තමේන්තුවට රුපියල් කෝටි 700ක ආදායමක් ලැබී ඇත.
මීට පෙර ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශිකයින් ඔවුන්ගේ රටවල පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාල වෙත අයදුම් පත් ඉදිරිපත් කොට වීසා ලබාගත යුතුව තිබුණි.
එහෙත් ඔන්ලයින් වීසා ක්‍රමය මඟින් ප්‍රමාදයෙන් තොරව කඩිනමින් වීසා ලබා ගත හැකි වීම නිසා විදේශ සංචාරකියින් අතර එය බෙහෙවින් ජනප්‍රිය වී ඇත.